කොතරම් ගුණ කළත්
දුදනෝ නොවෙති යහපත්
කවුරුන් කීව මුත්
කුමටද ඒ වගක්
විද්දෙ පඳුරට
ගත්තෙ දෑතට
පැන්න වත්තෙන්
අංකල් සිරිපාල
වං අතේ ඇඟිලි තුඩු
වං අතේ ඇඟිලි තුඩු
විහිදා සීරුවට
කුස මතට තට්ටු කර
මිමිණුවා හීනියට
ටුඩේ ඉස්පැසල්
අද දෙන්නෙ හා මස්...
.................................................................................
තවමත් ඉස්කෝලෙ යන වයසෙ දරුවො තුන් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක් වෙච්ච සිරිපාලට කවුරුත් කිව්වෙ අංකල් සිරිපාල කියල.උන්දෑ මීට මාස හත අටකට කළින් පන්සලේ පින්කැටේ බර බලල තිබුණා.හංදියෙ කඩේ ලඟදි බස් එකට නැගපු සිරිපාල නතරවෙලා තිබුනෙ පඬුරු ටික නෝට්ටු කරගෙන.ඊට දවස් දෙකකට විතර පස්සෙ ගමේ උන්දැලටික ඇඟේ පතේ හිරි ඇරගන්න පාවිච්චියට ගත්ත අංකල් සිරිපාලව පොලීසි නොයවා බේරගත්තෙ පොඩි හාමුදුරුවො.
"නැති බැරි කමට කරපු දෙයක්නෙ" කියල උන්නාන්සෙ සිරිපාලට යන්න ඇරපු එකට ගමේ උන්දැලාගේ කැමැත්තක් තිබ්බෙ නැතත්,වෙන කරන්න දේකුත් තිබ්බෙනෑ.
එයින් පස්සෙ පංසලේ පස්නොපෑගුව සිරිපාල මේ ලඟදි දවසක රෑ පානෙ පන්සලට ගිහිං තිබ්බ.පොඩි හාමුදුරුවො හුරතලේට හදපු,දායකයෙක් ගෙනත් දුන්න හුරතල් හාවො දෙන්නෙක්ගෙන් එකෙක්ගෙ බෙල්ල පාගල අතට ගත්ත සිරිපාල අඩියට දෙකට මාරුවෙන්න හැදුවත්,විහාරගෙයි ලයිට් නිවන්න ගිය පොඩි හාමුදුරුවො සිද්දිය දැක්ක.ඒත් එතකොට පරක්කු වැඩියි.සසර මග කෙටිකරගන්න මහණ දම් පුරන බුද්ධ පුත්‍රයෙක් උනත් ඒ ළාමක හිතට වෙච්චදේ බර වැඩි වෙන්න ඇති.ආවාස ගෙයි කුස්සියෙ දොරට දාන කිතුල් පොල්ල අතට ගත්තු උන්වහන්සේ නතර වෙලා තිබුනෙ බුද්ධපුත්‍රයෙකුට තියා සාමාන්‍ය මනුස්සයෙක්වත් ඉන්න ඕන තැනක නෙමෙයි...බෝගම්බර හිරගෙදර.
උසාවියේදී උන්වහන්සේ කියල තිබුන කිතුල් පොල්ලෙන් ඔළුවට ගහල බෙල්ල පාගල සිරිපාලව මැරුව කියල.
නීතියෙන් වැරදි කාරයෙක් උණත් කවදාවත් මටනම් උන්නාන්සෙ වැරදිකාරයෙක් නෙමෙයි.ඒ, මිනිස් ජිවිතේකට වඩා තිරිසන් ජිවිතයක් වටින හින්ද නෙමෙයි.තමුන් නිවනට යන මග දික්කර ගත්තත්,මිනිස් ආත්මයක් ලබලත් තිරිසන් ජිවිතයක් ගෙවපු සිරිපාලව ඒකෙන් මිදෙව්වෙ පොඩි හාමුදුරුවොයි කියල හිතෙන හින්දයි......
හපොයි මෙහෙමත් පව් කාරයො. හැබැයි පොඩි හාමුදුරු කරපු වැඩේ හරි කියන්නත් බැහැ.
ReplyDeleteමම නම් වැරදියි කියන්නෙත් නෑ..
Delete:( :( ඇත්තටම මෙහෙම මිනිස්සුත් ඉන්නවද :( :(
ReplyDeleteඅපොයි,මොකෝ නැත්තෙ...
Deleteතිරිසන්කම සහ ක්ෂනික කෝපය
ReplyDeleteඔව්...ඔය දෙකම තමා.
Deleteතම හිත පාලනය කර නොගැනීමේ වරද. ක්ෂනික කෝපයට ඉඩ දුන්නොත් විනාසේ තමයි.
ReplyDeleteඕක කරන්න බැරි වෙලාවලුත් එනවනෙ අක්කෙ...
Deleteහාමුදුරු කෙනෙක් උනත් එයත් මනුස්සයෙක්..කලින් කල දේට සමාව දීලත් පස්සෙ කල තිරිසන් වැඩේ දැක්කාම ඉවසීම නැතිවෙලා යන්න ඇති..ඒත් බුද්ධ පුත්‍රයෙකුට ඒතරම්ම ක්ෂනික කෝපයක්???..ම්ම්ම්ම්ම්...අනේ මන්ද..මට සිරිපාල ගැන නම් දුක නෑ..ඒත් හාමුදුරුවන්ට උන දේ නම් හරිම පව්..
ReplyDeleteපොඩි හාමුදුරු කෙනෙක්නෙ කිරිල්ලියෙ.තාම සෙල්ලම් වයසෙ.
Deleteහමුදුරුවොට සිද්ද වුන දේ ගැන දුකයි. ක්ෂණික කෝපය නිසා ඒ දේවල් කලත් මරන්න හිතල නෙවේ වෙන්න ඇති.
ReplyDeleteදැන් හිතින් දුක් වෙනව.ඇහින් දුටු සාක්ෂි නැතත් පාපොච්චාරණය කරල නිසා දැන් පලක් නෑ.
ReplyDeleteඅනේ මන්දා සාදුට ඉවසන්න තිබ්බා....
ReplyDeleteපොඩි වයසට දරාගන්න බැරි වෙන්න ඇති.
ReplyDeleteඋඹ ලියන විදියට මම නම් හරිම කැමතියි... කියවන්න ආසයි... දිගටම ලියපන් ජය!
ReplyDeleteතෑන්කු සිරා...
ReplyDelete"Podihamuduruwo thawama rahathwela nehe" ekai unwahanse ehemakale. (mama unath ithin oyatikama thamai karanne)
ReplyDeleteඅරුණ,ස්තුතියි මේ පැත්තට ගොඩ උනාට.
Deleteඔව්,චීවරයකින් වැහුන ළමා සිතක්.
ඉවසීම හුරුකළ යුතුයි. භික්ෂූන් වහන්සේ නමක් එය ගිහියෙක්ටත් වඩා හොඳින් කළ යුතුයි
ReplyDeleteහසිත,,ඒත්,කෙලෙස් නොනැසූ ලාබාලයෙක් නිසා මමනම් සමාව දෙනවා..
Deleteඅපරාදේ ජීවිත දෙක..එක පැත්තක් ගන්න අමාරුයි.
ReplyDeleteජිවිතේ අනිත්‍ය..
Deleteඔන්න විමුක්ති මමත් ආව .... මම තමයි රස්තියාදුකාර දෙශාටනේ ලියන්නේ ...
ReplyDeleteමමත් හිතන්නේ මිනිස් ජිවිතේ බහුතරයක් වැරදි වෙන්නේ ක්ෂණික කෝපයෙන් නැත්නම් ක්ෂණික අවේගයෙන්.ඔතනදි ඔය පොඩි හාමුදුරුවෝ හිතට අපු ක්ෂණික කෝපය/ආවේගය ඒ ක්ෂණයේදී පාලනයක් ඇතිව කටයුතු කළා නම් කිසිම ගැටළුවක් ඇතිවෙන්න තිබුන.
බුදුහාමුදුරුවෝ කියපු විදිහට හැම දෙයක්ම අපි උපාදානය කරන සිතිවිලි නම් එකේ තව මොකක් කියල හොයන්නද....
ලස්සන සිතිවිල්ලක් විමුක්ති.සුබපතනවා දිගටම ලියන්න.....