මේ අවුරුද්දෙ කොරියානුභාෂා විභාගය ඔක්තෝම්බර් 13/14 දිනවලපවත්වනව.ඉතින් ඒකඇහුවහම මටමතක්උනේ ගියපාරවිභාග අයදුම්පත්ගන්න තිබුනතරඟය.පනස්දාහකට කිට්ටුවෙන්න කට්ටියහිටියත් අන්තිමට කීදෙනාටද වාසනාව හම්බඋනේ?මෙතැනදී මම"වාසනාව"කියල අදහස්කලේ, අරතිබුන තදබදයඑක්ක සටන්කරල ගත්තදෙයක්නිසා මිසක්,පිටරටරැකියාවකට,එහෙමනැත්නම් කොරියාවටයනඑක වාසනාවක්හින්ද නෙමෙයි.
කොහොමහරි ඔන්න මේපාරත් 2013වසරසඳහා කොරියන්විභාගනිවේදනය අගෝස්තු27හෝආසන්න දිනක ප්රසිද්දකරල,සැප්තැම්බර්මාසෙ 3/4/5/6 දිනවල ලියාපදිංචිකරනව.ඊටපස්සෙ තමයි අරමුලින්කියපු විදියට ඔක්තෝබර්මාසේ විභාගය පවත්වන්නෙ.කොහොමහරි දතකාල ඕකෙනුත්ගොඩඇවිත් මෙඩිකල්,ට්‍රේනින් මෙකීනොකී දහසක්කටුකාල හතරඅතේණයවෙලා කොරියාවට ආවකියමුකො,තමන්ගෙවෙලාවට හොඳහෝනරකට ආපුකම්පැනිඑකේ ලංකාවේකව්රුහරි හිටියොත්ගොඩ.නැත්නම් අරලංකාවෙ උනන්නපු සර්ගෙ,මිස්ගෙ මව්ගුණගායනා කරන්නතමයි වෙන්නෙ.මොකදඔය උගන්නපු භාෂාවයි සාමාන්‍ය භාෂාවයි අතරලොකු පරතරයක් තියෙනව.ඔයඔක්කොමත් හරි ලොකුමහිතේඅමාරුව දැනෙන්නෙ තමන්ටඋගන්නපු කෙනා කොරියාවෙඅවුරුදු ගානක් වැඩකරලා කොරියාවෙ සිටිසන් තියෙනගානට කතාකොලාට මොකෝ,එයාඋගන්නල තියෙන්නෙත් මොනවාද කියල තේරෙනකොටයි.
හරි..කොහොමහරි කට්ටකාල ගොඩයන්න විදියක්නේ හැමෝමබලන්නෙ.තමන්ලංකාවේදී ගිවිසුම්අත්සන් කරල ආපු රැකියාව කරගෙන ඉන්නතරම්හැමෝටම වාසනාවනැහැනෙ.එහෙමඋනාම ඉතින් ලංකාවටයන්න කියලෑ.ඊටපස්සෙ කම්පැනි මාරුතමා.ඒත්ඉතිං මේක යුරෝපෙනෙවෙයි නොවැ.අවුරුදු තුනටම මාරුවෙන්න පුළුවන් අවස්ථාතුනයි.දැන්නම්පොඩ්ඩක් වෙනස්කරල අවුරුදුහතරයිමාසදහයට අවස්ථාහතරයි.කොහොමද ටිකිරිමොළේ,,,හැබැයි ආයතනය බංකොලොත්උනොත්,පහරදීමකට ලක්උනොත් වගේහේතු මේඅවස්ථා තුනටඅයිතිනැහැ
දැන්කියන්න යන්නෙ කට්ටකාල ගොඩගියඅයගැන නෙමෙයි,මරණයකදීහැර ලංකාවෙ ජනමාධ්යහරි,විදේශසේවා නියුක්තිකාර්යාංශය හරි(එයාලදැනන් ඉන්නඑපැයි කියන්න)වාර්තානොකරන කොරියාවෙ ආබාධිත ලාංකිකයන්ගෙ ඇතුල්පැත්ත.එහෙම කියන්න හිතුනෙ මමදන්නා මේවගෙඅය බරගානක් ඉන්නහින්දයි,එන්නඉන්න අයගෙ දැනගැනීමටයි.මොකදඅවුරුද්දකට සෑහෙන අනතුරුගානක් සිද්ධඋනත් කවුරුවත් නොදකින පැත්තකුත් තියෙන නිසයි.
ඔය උඩින්තියෙන්නෙ ප්රෙස්මැෂින් එකක්.ගොඩක්ම අනතුරු වෙන්නෙ ඕවයෙන්තමා.ඔයමැෂින්එකේ ටොන්තුන්සීයක් බරක් උඩයටයනව.එහෙමඑහෙකට අතක්,කකුලක්.ඔළුවක් අහුඋනොත් අත්වෙන සෝචනීයඉරණම හිතාගන්න පුළුවන්ද?මේතියෙන්නෙ ඒවගේ දසුන්ටිකක්,
මේතියෙන්නෙ තමන් වැඩකරපු මැෂින්එකට කකුලඅහුවෙලා දණහිසටත් ඉහලින්කපන්න සිද්ධඋනුඅපේම සහෝදරයෙකුගෙ දකුණුකකුල.
එතකොට මේතියෙන්නෙ ඒවගේ තවත්අනතුරුවල අමිහිරි මතකයන්,

ඉතිං කොහොමද කොරියන්හීනෙ ඇතුල්පැත්ත?
අනේ ඒක නම් හුගක් සංවේදි කතාවක්..මිනිස්සු මේ තරම් දුකක් විදිනවද කියලත් හිතෙනවා..ජීවිතේ ගැටගහ ගන්න යන මේ මිනිස්සුන්ට මොනතරම් අසාධාරණයක් වෙනවද..ඇත්තටම කාටවත් මේ දේවල් පේන්නේ නැද්ද...?
ReplyDelete;.ඇත්තටම කාටවත් මේ දේවල් පේන්නේ නැද්ද...?; පේනව,පේනව..හැබැයි බලනවවිතරයි,කරන දෙයක් නෑ...
Deleteමේවගේ දේවල් දැනුවත් කිරීම පිලිබදව ඉස්තුතියි ....
ReplyDeleteවැදගත්මදේ මේකනෙමේ රොබින්...
Deleteඇඟම සීතල වෙලා ගියා එ පිංතුර දැක්කාම ..
ReplyDeleteතවතියේ නිම්ශා,ඒත්ඒවා සංවේදීවැඩියි.
Deleteඅම්මෝ...............කොරියාවේ පස් පාගන්නේ නෑ...
ReplyDeleteඔයකිව්වට..?
Deleteඅනික රජවරුඑන්නෙ වැඩකරන්න නෙමෙයිනෙ රජෝ..සංචාරෙටනෙ.
රාජසම්පත් ලැබේවා...
අපේ ඔෆිසියෙ අතුගාන තේහදන ගෑණූ කෙනාගෙ පුතත් ඔය විභාගෙ කරලා... දැන් කොරියන් හීන බලනවා... එයත් හරි ආසාවෙන් මම ළඟට ඇවිත් පුතාගෙ ලකුණු අරව මේව අහගෙන බලාගෙන ගියා වෙබ් පිටුවෙ... අනේ ඒත් ඉතින් මේව පෙන්නල කියල ඒ හීන කඩා දාන්න හිතෙන්නෙ නෑ..
ReplyDeleteපරිස්සම් වීමෙන් විතරක් වලකන්න බැරි අනතුරුද විමුක්ති තියෙන්නෙ... ඔයා හිතන්නෙ මම මොකක් කරන්න ඕන කියලද? අනේ මන් දන්නෙ නෑ...
මේකදැම්මේ අක්කෙ,කොරියාව කිව්වම ලංකාවෙඅය ලාබෙටඇමරිකාව දකිනනිසා.අනික ඔයෆොටෝවල තියෙන්නෙ මමපුද්ගලිකවදන්නාඅය.තවගොඩක් විස්තරතියෙනව,ඒත්ඒවාමේපිටුවට,අපේහිත්වලට සංවේදීවැඩියි.ඒනිසාප්රසිද්ධකරන්නබෑ.
Delete;
පරිස්සම් වීමෙන් විතරක් වලකන්න බැරි අනතුරුද විමුක්ති තියෙන්නෙ...;;
උත්තරේනම් ඔව්අක්කෙ..මොකෝඅපේ හිත්වලට සීමාවල්නෑනෙ(ඒගැන වෙනමපෝස්ට් එකක්දාන්නම්)
මේකහැමෝගෙම කතාවනෙමේඅක්කෙ,සීයක්ගත්තොත් දෙන්නෙක්වගේ තමා.එයාල ගැනකතාකරන්නකව්රුත් නැතිනිසයි මේකදැම්මේ.සමස්තයක් නෙමේ.
විමුක්ති..මාත් දන්න අය ඉන්නව කොරියාවෙ ඒත් කවුරුවත් ඔහොම දේවල් කිව්වෙ නැහැ...ඒකත් හරියට මේ යුරෝප් වල ඉන්න අය අනිත් අයට කොල වහල පෙන්වනව වගේ කියල මට දැන් හිතෙනව...අපිට කරන්න තියෙන්නෙ ඉතින් යන අයව දැනුවත් කරන එක විතරයි නේද? අපි කොහොම මොනා කිව්වත් පිට රට හීනෙ ඔලුවට ආවොත් ඒ පිස්සුව හොඳ කරන්න කාටවත් බැහැ..!
ReplyDeleteකොලේවහල ගහනඅයනම් ලෝකෙකොහෙත් ඉන්නවනෙ කිරිල්ලියේ.මේවගේසිද්ධි දැන්දැන් අහන්නදකින්න ලැබෙනවවැඩියි.වැරැද්දඒක නෙමේ,මෙහෙමෙඅසරණඋන අයටත්කරන පහත්වැඩනිසයි.
Deleteගොඩක් එවුන්ගේ සිහින බොදවෙයි මේ පෝස්ටුවේන්
ReplyDeleteමංහිතන්නෙනෑසෑම්,
Deleteකොරියාවකියන්නෙ ඇමරිකාවනෙමෙයිකියල තේරෙනකම්ඔය හීනෙතියේ.
අම්මෝ බය හිතෙනවා දැක්කම .... ඔක්කොටම වඩා ලංකාව හොඳයි මටනම් '
ReplyDeleteමීටවඩාබයහිතෙන දේවල්තියනවා.නමුත්දාන්නබැහැ.
Deleteගොඩක් අය ලංකාවෙ ඉඳගෙන බලන විදිය නෙමෙයි මචන් පිට රටකර ගියාම තියෙන්නෙ.ඒක ඉතින් ගිහින් ඒ කට්ට කාලම බලන්න ඕනෙ.උඹේ මේ දැනුවත් කිරීම නම් ගොඩක් හොඳයි.මොකද කොරියා ගිහින් ආබ්බගතයෙක් වෙනවට වඩා ලංකාවෙ හේනක් කොටන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ
ReplyDeleteඒකනම්ඉතින්එහෙමතමාකස්ස.නමුත්හොඳවගේමනරක හැමදේකම තියෙනවනෙ.
Deleteමචන් ලා මෙකෙ ඈත්තක් තියනව.එත් මච්න් කොල්ලො මනො පාර ගහගෙන ඉදලා වෙන එවත් තියනව.මම දකින්නෙ එක වෙලව මචන්.ලන්කාවෙ ඉන්න අය කියක් ඈක්සිඩන් වලින් වෙනවඩ.ට්කික් හිත්ලා බලනඩ කොරීයා එන ගොඩක් අය හොදට හම්බ කරගෙන යන්නෙ.
ReplyDeleteඔව්මචං,මනෝගහලවෙන ඒවත්තියේ.(උඩින්මම තනොජාඅක්කට දිලතියෙනඋත්තරේ බලන්න.)පරිස්සම් වීමෙන් විතරක් වලකන්න බැරි අනතුරුද විමුක්ති තියෙන්නෙ...;;
Deleteඋත්තරේනම් ඔව්අක්කෙ..මොකෝඅපේ හිත්වලට සීමාවල්නෑනෙ(ඒගැන වෙනමපෝස්ට් එකක්දාන්නම්)
මේකහැමෝගෙම කතාවනෙමේඅක්කෙ,සීයක්ගත්තොත් දෙන්නෙක්වගේ තමා.එයාල ගැනකතාකරන්නකව්රුත් නැතිනිසයි මේකදැම්මේ.සමස්තයක් නෙමේ
මාත් යන්න හිතන් හිටියේ අම්මෝ මේවා දකිද්දී පිස්සු හැදෙනවා!
ReplyDeleteගියාටඅවුලක්නෑ,තමන්ගෙආරක්ෂාව තමන්ලඟයි නිශාන්..
Deleteසොඳුරු දේක අඳුරු පැත්ත පෙන්නලා දුන්නට ස්තූතියි. කොහොම උණත් සිහි කල්පනාවෙන් වැඩ කරන්නෝන කොහේ ගියත්...
ReplyDeleteඒකඇත්ත.මොකෝ නොහිතනවෙලාවටනේ ගොඩක්දේවෙන්නෙ.
ReplyDeleteමේ මැෂින් වලට සෙන්සර් තියෙනවා කියලයි මම අහලා තිබුනේ.කතාවේ හැටියට අතක් තිබ්බත් අහුනොවෙන්න ඕනේ මේක මාර පුදුමයිනේ....
ReplyDeleteසෙන්සර්තියෙනඒවාවගේම නැතිඒවත්තියෙනව.තියෙනඒවත් සමහරවෙලාවට. පිස්සුකෙලිනව.ඔටෝපාත්වෙනව.අනිකඉක්මනටවැඩකරන්න සෙන්සර්ඕෆ්කරන හරකුත්ඉන්නවා.
ReplyDeleteඅද තමයි මේ පැත්තේ ආවේ....මාත් මේ වගේ පොස්ටුවක් දැම්මා මගේ බ්ලොග් එකේ...
ReplyDeleteපැමිණීම සතුටක් රෙහානි.
ReplyDeleteමමත් අහලා තියෙන විදිහට කොරියාවේ යන ලාංකිකයන්ට හම්බෙන්නේ කොරියන්කාරයන්ටත් කරන්න අමාරු වැඩලු. ඒක නිසා කොරියාවේ යන්න කලින් දෙන්නේත් සුපිරිම පුහුණුවක්ලු. ඒ පෙර පුහුණුවට ගිය අපේ අයියා කෙනෙක් කිව්වේ හමුදාවෙන් අයින් වෙලා කොරියා යන්න ආපු කොල්ලෝ තුන් දෙනෙක් ඇරෙන්න අනික් එවුන් හැමදාම වගේ මේ ලංකාවේ තිබුණු පෙර පුහුණුවේදී වැරදි නිසා ගුටි කෑවා කියලා
ReplyDeleteඒ පුහුණුව මෙහෙට වදගත් වෙන්නෙ නෑ හසිත,දැන්නම් කොහොමද දන්නෑ.
ReplyDeleteඅපිට ට්‍රේනින් කරපු කෙනා අපිට කිව්වෙ හරියට කොරියාව මෙන්න මෙහෙමයි කියල අතට අරං මවල.හැබැයි එයා සිතියමකින් විතරයි කොරියාව දැකල තියෙන්නෙ කියල අපි පස්සෙයි දැනගත්තෙ.කොහොමහරි අපි ඇවිත් මාස හතරකට විතර පස්සෙ මෙන්න මිනිහත් අපි වගේම මෙහෙ කම්පනියක වැඩ..