Monday, July 30, 2012

විකිණීම...

එදා උදේ ඉඳලම වහින්න ගත්ත.වෙනද පුරුද්දට හිත අතීතෙට දුවන්න ගත්ත.මේ කියන්නෙ දැනට අවුරුදු අට නමයකට කලින්.කාලෙ වෙනස්උනාට ගොඩක් දේවල් තාමත් එහෙමමයි.අපි කොල්ලො ටික හැමදාම හවසට එකතු වෙන්නෙ ගමේ හංදියට.හන්දිය කිව්වට එකමෙක කඩයයි එතන තිබුනෙ.දැන්නම් යාන්තං දෙකයි.ඒ ඇරුනම ත්‍රීවිල් පාක් එක.එතෙන්ට උඩින් තිබ්බ ලොකු ගල් තලාවක්.ඔතනට තමයි අපි කොල්ලො ටික හැන්දෑවට සෙට් වෙන්නෙ.සිගරැට් එකක් බොන්න,හඳට යනඋන්ට ගුවන්ගත වෙන්න,සිංදු වතුර ටිකක් බොන්න එහෙම.එතකොට අපිත් ගන්ධබ්බ ජිවිත ගෙවපු කාලෙ.
ඔහොම කාලයක් යද්දී ටික ටික වටේ පිටේ තිබුන ලොකු ලොකු ඉඩම් ටික ලොකු ලොකු කොම්පැනි වලින් වෙන්දේසි වෙන්න ගත්තා. පස්සෙ අලුත් අලුත් කට්ටිය ගෙවල් දොරවල් හදාගෙන පදිංචි වෙන්න ගත්ත.වෙනද බස් එකේ ඉඳගෙන ගිය අපිට හිටගෙන යන්න උනා.පාරට බැස්සහම හම්බුවෙන මුණු අතර නාඳුනන මුණු ගාන වැඩිඋනා.

අළුතෙන් ගමට ආපු මිනිස්සුත් ගමේ උන්දැල එක්ක ටික ටික හිතවත්කම් පවත්වන්න ගත්ත.ගමේ කොල්ලො වෙච්චි අපිටික පවත්වපු අවුරුදු උත්සවේ, පිටගම්කාරයෝ කියල හඳුන්වපු මිනිස්සුන්වයි ගමේ කට්ටියයි යාකරන පාලමක් උනා.එයින් පස්සෙ මලගෙදරක නයිටක්‌ ගහන්න,කට්ටිය එක්ක දාල ගේන ගල් බෝතලේකට සාධාරණයක් ඉෂ්ට කරන්න,වොලිබෝල්, ක්‍රිකට් ගහන්න දෙපැත්තෙම කොල්ලො ටික එකතු උනා.හැබැයි කොයි වෙලෙත් උන් හිටියෙ අපිට කවර් වෙලා.මොක කරද්දීත් ඒක දකින්න පුළුවන් උනා.

ඔහොම යද්දී තමා අපිට චන්දරේ සෙට් උනේ.කපටිකමේ උපත කිව්වත් වැරදි නෑ.අපි මිනිහට කිව්වෙ දොස්තර කියල.(නැති තැනදි)මිනිහා අවුරුදු ගානක් ඔටු දේසෙ ඉඳල ඇවිත් තිබුනෙ.කොල්ලොඑක්ක දුමක් දාන්න,ඉඳල හිටල ගෙදරට කතාකරල පොඩ්ඩක් සෙට්වෙමු කියල කියන්නත් මිනිහ අමතක කලේ නෑ.හැබැයි කඩේ ළඟ සෙට් එකේ තෝරගත්ත හතර පස් දෙනෙකුට විතරයි.මමත් ඒ ගොඩට අයිති උනා.ඉතිං එහෙම දවසට හැන්දෑවට අපි ආරාධිතයො සෙට් එක අනිත් එවුන්ට හොරෙන් වේලාසන කඩේ ලඟින්  මාරුවෙනව.සමහරදාට අතේමාට්ටු.
ඉඩම් අරන් ගෙවල් හැදිල්ලට අතේ තිබ්බ සල්ලි යටකරපු නිසාද කොහෙද චන්දරෙයි නෝනයි ටිකක් අමාරුවෙන් තමා ජිවත්උනේ.අපිට වැඩිය අවුරුදු දහයක් විතර වැඩිමල් උනත් මචං ලෙවල් එකෙන් හිටිය හින්ද ඒව අපිට එච්චර රහසක් උනෙත් නෑ.

ජිවත් වෙන්න රැකියාවක් විදියට අහුවන දෙයක් කරන්න චන්දරේ හුරුඋනා.හැබැයි ඒ එකක්වත් කුලීවැඩ නම් නෙමෙයි.ගෙවල් වයරින් කරන්න,ත්‍රිවිල් රෙපෙයාර් කරන්න, එතකොට වාහන පේන්ට්,ගෙවල් පේන්ට් කරන්න,ඉලෙක්ට්‍රික් වැඩගැන චන්දරේ දැනන් හිටිය.මුලදි මුලදි හොඳට සේවය සැපයීම කලත් පස්සෙ පස්සෙ මිනිහගෙ කොලිටිය එන්න එන්නම බාලඋනා.එක වැඩක් උඩින් පල්ලෙන් කරදාල ඊළඟ වැඩේට අතගහන එක පුරුද්දට යද්දි මිනිහට එන වැඩ ටික ටික අඩුවෙන්න ගත්ත.

ඔය අතරෙදි දුර පලාතක කට්ටඩියෙක්ව චන්දරේට සෙට් වෙලා තිබුණ.එදායින් පස්සෙ වැඩ හිඟ දවස් වලට චන්දරේ තමා කට්ටඩි උන්නාන්සෙගෙ කොට්ටෝරු වැඩේ කෙරුවෙ.කට්ටඩියත් ඇවිල්ල ලෝකෙ කාපු ඩයල් එකක් කියල චන්දරේ අපිට කියනකොට එකෙක් කිව්ව,කුණු ගොඩට කුණු ගොඩක් එකතුවෙලා කියල.කොහෙහරි ඈත ගමක එහෙමත් නැත්නම් නාගරික සමාජෙ ගෙවල්වල සෙත්ශාන්ති.බහිරව පූජා වලට ඕඩර්ස් ආවහම චන්දරේ තමා ගෝල උත්තමය.පන්දම් හදන්න,දුම්මල මුට්ටිය අල්ලන්න,පිදේනි තටු හදන්න වගේ වැඩ ටික අල්ලගන්න එක මහලොකු වැඩක් නෙමෙයි කියල තමා උන්දැ අපිට කිව්වෙ.

ඔය  වෙද්දි අපේ චන්දරේ වෙන්ට තාත්ත කෙනෙක්.කොහොම හරි සල්ලි හොයන්න ඕනෑ කියන අදහස මිනිහට තදින්ම තිබුණ.ටික දවසකින් චන්දරේ කොහෙද කියල අපිට හොයාගන්න බැරි උණා.ඊටත් මාස දෙකකට විතර පස්සෙ මිනිහ මතු උණා.නිකං නෙමෙයි ඒ දවස්වල ලංකාවෙ ජනප්‍රිය වෙච්චි අළුත් දර්ශනයකුත් එක්ක.ඒක අළුත් ආගමක්, මිනිස්සුන්ගෙ ඕනම ගැටළුවකට එතැන විසඳුමක් තියෙනව කියල තමා චන්දරේ කිව්වෙ. ඒ අතරෙ බුදු පහණ වත් නොතියපු ගෙදර පොඩි කුටියක්‌ වෙනම හැදුවෙත් මිනිහමයි.එතැන ඉඳං සාස්තර කියන්න,එක එක පුජාවල්,හූනියම් කියල රටේ නැති දේවල් එක්ක තමා චන්දරේගෙ කාලය ගෙවුනෙ.මිනිහම නිර්මාණය කරගත්තු ධර්මයක් තමා ඊට පස්සෙ දකින්න ලැබුනෙ.
.......................................
ඔහොම යද්දී චන්දරේගෙ වැඩකිඩ දන්න අපි දෙතුන්දෙනා කාලයක් ලංකාවෙන් පිට ඉඳල නිවාඩුවකට ලංකාවට ගියහම චන්දරේ සෙට් උනා.දැන් ගමේ විතරක් නෙමෙයි පළාතටම දෙයිය වෙලා ඉන්නෙ චන්දරේ..දැන් මිනිහගෙ දවසෙ ආදායම විස්ස පනිනව  කියල චන්දරේ අපිට කිව්වෙ හරිම  ආඩම්බරෙන්....
..................................................................................



Saturday, July 21, 2012

කතරින් එතෙරට...

කොතරම් ගුණ කළත්
දුදනෝ නොවෙති යහපත්
කවුරුන් කීව මුත්
කුමටද ඒ වගක්
විද්දෙ පඳුරට
ගත්තෙ දෑතට
පැන්න වත්තෙන්
අංකල් සිරිපාල
වං අතේ ඇඟිලි තුඩු
විහිදා සීරුවට
කුස මතට තට්ටු කර
මිමිණුවා හීනියට
ටුඩේ ඉස්පැසල්
 අද දෙන්නෙ හා මස්...
.................................................................................
තවමත් ඉස්කෝලෙ යන වයසෙ දරුවො තුන් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක් වෙච්ච සිරිපාලට කවුරුත් කිව්වෙ අංකල් සිරිපාල කියල.උන්දෑ මීට මාස හත අටකට කළින් පන්සලේ පින්කැටේ බර බලල තිබුණා.හංදියෙ කඩේ ලඟදි බස් එකට නැගපු සිරිපාල නතරවෙලා තිබුනෙ පඬුරු ටික නෝට්ටු කරගෙන.ඊට දවස් දෙකකට විතර පස්සෙ ගමේ උන්දැලටික ඇඟේ පතේ හිරි ඇරගන්න පාවිච්චියට ගත්ත අංකල් සිරිපාලව පොලීසි නොයවා බේරගත්තෙ පොඩි හාමුදුරුවො.

"නැති බැරි කමට කරපු දෙයක්නෙ" කියල උන්නාන්සෙ සිරිපාලට යන්න ඇරපු එකට ගමේ උන්දැලාගේ කැමැත්තක් තිබ්බෙ නැතත්,වෙන කරන්න දේකුත් තිබ්බෙනෑ.
එයින් පස්සෙ පංසලේ පස්නොපෑගුව සිරිපාල මේ ලඟදි දවසක රෑ පානෙ පන්සලට ගිහිං තිබ්බ.පොඩි හාමුදුරුවො හුරතලේට හදපු,දායකයෙක් ගෙනත් දුන්න හුරතල් හාවො දෙන්නෙක්ගෙන් එකෙක්ගෙ බෙල්ල පාගල අතට ගත්ත සිරිපාල අඩියට දෙකට මාරුවෙන්න හැදුවත්,විහාරගෙයි ලයිට් නිවන්න ගිය පොඩි හාමුදුරුවො සිද්දිය දැක්ක.ඒත් එතකොට පරක්කු වැඩියි.සසර මග කෙටිකරගන්න මහණ දම් පුරන බුද්ධ පුත්‍රයෙක් උනත් ඒ ළාමක හිතට වෙච්චදේ බර වැඩි වෙන්න ඇති.ආවාස ගෙයි කුස්සියෙ දොරට දාන කිතුල් පොල්ල අතට ගත්තු උන්වහන්සේ නතර වෙලා තිබුනෙ බුද්ධපුත්‍රයෙකුට තියා සාමාන්‍ය මනුස්සයෙක්වත් ඉන්න ඕන තැනක නෙමෙයි...බෝගම්බර හිරගෙදර. 
උසාවියේදී උන්වහන්සේ කියල තිබුන කිතුල් පොල්ලෙන් ඔළුවට ගහල බෙල්ල පාගල සිරිපාලව මැරුව කියල.
නීතියෙන් වැරදි කාරයෙක් උණත් කවදාවත් මටනම් උන්නාන්සෙ වැරදිකාරයෙක් නෙමෙයි.ඒ, මිනිස් ජිවිතේකට වඩා තිරිසන් ජිවිතයක් වටින හින්ද නෙමෙයි.තමුන් නිවනට යන මග දික්කර ගත්තත්,මිනිස් ආත්මයක් ලබලත් තිරිසන් ජිවිතයක් ගෙවපු සිරිපාලව ඒකෙන් මිදෙව්වෙ පොඩි හාමුදුරුවොයි කියල හිතෙන හින්දයි......



Saturday, July 14, 2012

දිවියක අරුමය..

ගුණදාස අපේ අල්ලපු ගමේ.කාටවත් කරදරයක් නැති මනුස්සය.හැබැයිදවල් දවසට විතරයි.දවල් දවසෙ අල්ලපු ගං තුනහතරෙම කරක්ගහන මිනිහව නොදන්න කෙනෙක් නෑ.කොටින්ම පොලීසියෙ ලොකුමහත්තය මාසෙකට දෙතුන් පාරක් ජීප්එක ගෙදරටම එවනව මිනිහව බලන්න ඕනෙඋනාම.

ගමේ කාටහරි පොල්ගෙඩියක් කඩාගන්න,ලිඳක් ඉහගන්න විතරක් නෙමේ මළගෙයක් උනාම වල කපන වැඩේටත් ගුණදාස ඕනෙ වෙනව.උදේ ඉඳං රෑවෙනකං ගමේප්‍රභූ භූමිකාව රඟදක්වන කළුමහත්තයට හැමදාම හැන්දෑකොරේට කසිප්පු බාගයක් ඕනෙ.කසිප්පු පේමෙ ලඟට ගිහිං ඒක ගෙනත්, එමින්ගමන මගදි පොඩි ෂොට් එකක් ඒකෙන්ම කටට හලාගෙන, අඩුව පුරවන්න අගල්කටකින් වතුර පුරවල ඒක කළුමහත්තයට ගෙනත් දෙන ඩිලිවරිය කලෙත් මේ කියන ගුණේම තමා.

දාවල්දවස කාටහරි කඹුරන ගුණදාස රෑවෙනකොට ගෙදරට ඇදෙන්නෙ මදිපාඩුව පේමෙගෙන් පුරවගෙන.දවසෙ කුලියෙන් බාගයක් පේමෙට දන්දෙන්නෙ ලබන ආත්මෙදි ගන්න බලං.ගමේ හැමඋන්දැම මිනිහගෙන් වැඩගත්තට මොකෝ කවදාවත් ගනුදෙනු හරියට බේරුවෙ නැත්තෙත් ඔය හේතුව හින්දවෙන්නැති.

ගුණේගෙ ගෙදර උන්දැත් රබර්මෝලේ වැඩකරලා හැන්දෑවට ගෙදර ඇවිත් තියෙන දෙයක් රත්කරල ගන්නවඒ,එහෙම නොවුනොත් පහුවදාට වැඩට යනඑක බොරු හින්ද.කටුමැටි ගෙට පහලින් තියෙන ඇළ කන්ඩියෙන් එහාපැත්තෙ ඉඩම මායිමේ තිබුනෙ පන්සල් වත්ත.ඒ හින්දාමද මන්ද ගුණදාස ආගමේ පිහිටල ජිවත්උනේ.ගොඩක් දවස්වලට හාමුදුරුවන්ටත් ඇහෙනව ගුණේ ගෑණිට අඩිදෙනකොට කෑගහන සද්දෙ....

ගමේ කාගෙහරි කෙහෙල්කැනක්,පොල්වල්ලක් එහෙම නැතිවෙලානම් කෙලින්ම යන්නෙ කරුනක්කගේ කඩේට.ඊට පස්සෙ ග්‍රාමසේවක මහත්තය ලඟට.ඒත් බැරිනම් පොලීසියට.අපරාදෙ කියන්න බෑ ඔයගොඩක් තැන්වල නම තියන්නෙ ගුණේ.කරුනක්කගෙ සාක්කියත් එක්කම.

 ඔය මොක උනත් ගුණදාසට ඔව්ව ගානක්නෑ.ගමේඋන්දැලත් වෙච්ච දේවල් අමතක කරන්නෙ දවසෙන් දෙකෙන්.කොච්චර උනත් මිනිහ බඩට කාල හිටිය,අපේ කළුමහත්තයට වැඩිය හොඳට.නාන්නෙ අඩුවෙන්.මාසෙට පාරක් දෙකක් ටවුමෙ මස්කඩේටත් යනව.ෆාරුක් මුදලාලි කඩේ හිටිය නැතා ගෝලයා කලවම් හරක් මස් කිලෝඑකක් දෙකක් හබරල කොළේට දාල ඔතලදෙන්නෙ ඉහළින් දීලතියෙන ඕඩර්ස් වලට.සල්ලි ගත්තෙනෑ.සමහර දවසට රුපියල් දෙතුන්දාහක් ගුණදාසගෙ අතමිට මොලවනව.ඒ, ගමේ කාගෙහරි හරකෙක් නැතිඋනාට දවසකට දෙකකට පස්සෙ.එහෙම දවස් වලට තමා පොලිසියෙ වාහනේ ගෙදරට එන්නෙ.

මේ ලඟදි දවසක කලුමහත්තය ගුණදාසට කිව්ව වත්තෙ පොල්ටික වැස්ස අල්ලන්න කලින් කඩල දාපං කියල.පොල්ටික කැඩුවට මොකෝ අක්කරයක දෙකක පොල්ටික වැස්සට කලින් ලෙලිගහගන්න තනි ගුණේට බැරිඋනා.ඉතිං ලෙලිගැහුව ටික කලුමහත්තයගේ අණ පරිදි ඉස්ටෝරු කාමරේට දාල ගුණේ වැස්සෙම පිටත්උනේ හෙටඋදේම එන්නම් කියාගෙන.

එදාහොඳටම වැස්ස.රෑට කාපු ගුණේ,බීඩියකුත් පත්තුකරන් ගෝනියක් ඔළුවට දාගන්නව ගුනේගෙ ගෑණි වෙච්චි කමලාවතී සද්දනැතුව බලන්හිටියෙ, දෙතුන් දවසකට උඩදී හම්බඋන පයින් පාර මතක්වෙලා.බීඩිකොටේ නිවල වරිච්චි බිත්තියෙ ගහපු ගුණේ වැටඅයිනෙන් හබරල අත්තකුත් කපාගෙන කඩුල්ල පනිනව,කමලාවතී බලං හිටියෙ කම්මුලට අතක් තියං.හිමින් සැරේ කටුකම්බි පොට පාත්කරපු ගුණේ කළුමහත්තයගේ වත්තට රිංගුවේ අදනම් පොල්ටික ලෙලි ගහගෙනම කඩේට දානව කියල හිතාගෙන වෙන්නැති.

රෑ තිස්සෙ වැහැපු වැස්ස හින්දද මන්ද,කළුමහත්තය නැගිට්ටේ ටිකක් පරක්කු වෙලා.අතපය හිරිඇරලා ඈනුමකුත් යවපු ප්‍රභූඋත්තමය ඇඳෙන් නැගිටල කාමරේ ලයිට් එක දැම්ම.කරන්ට් එකත් ගිහිංවගේ කියල තමන්ටම කියපු කලුමහත්තය කුස්සිය පැත්තට යනකොට මතක්වෙච්ච දේකින් පිටකොන්ද ඇවිළිලා යනව වගේ දැනුන.අඩියට දෙකට සරමත් උස්සන් පොල්ගොඩ ලඟට පැන්න කලුමහත්තය දැක්කෙ,කාටත් හොරෙන් තමුන් ඊයෙ හැන්දෑවෙ පොල්ගොඩ වටේට ඇද්ද කම්බි පොටක පැටලිලා විදුලි සැර වැදිල ඇස් දෙකයි කටයි ඇරගෙන දරදඬු වෙලා පස්කාගෙන හිටපු ගුණදාසව...


(ගියසතියෙ යාළුවෙක්ට කතාකරාම කිවුව,ඉක්මනට ලංකාවට වරෙන් කියල.ගුණේ මලාලු.ඉතිං මට මොකෝ ඇහුවාම දැන් පොල්ගහක් කඩාගන්න එකෙක් නැහැලු.ඔන්න ගුණේ උඹගෙ අඩුව..)

Wednesday, June 27, 2012

කොරියානු සිහින 01

මේ අවුරුද්දෙ කොරියානුභාෂා විභාගය ඔක්තෝම්බර් 13/14 දිනවලපවත්වනව.ඉතින් ඒකඇහුවහම මටමතක්උනේ ගියපාරවිභාග අයදුම්පත්ගන්න තිබුනතරඟය.පනස්දාහකට කිට්ටුවෙන්න කට්ටියහිටියත් අන්තිමට කීදෙනාටද වාසනාව හම්බඋනේ?මෙතැනදී මම"වාසනාව"කියල අදහස්කලේ, අරතිබුන තදබදයඑක්ක සටන්කරල ගත්තදෙයක්නිසා මිසක්,පිටරටරැකියාවකට,එහෙමනැත්නම් කොරියාවටයනඑක වාසනාවක්හින්ද නෙමෙයි.

කොහොමහරි ඔන්න මේපාරත් 2013වසරසඳහා කොරියන්විභාගනිවේදනය අගෝස්තු27හෝආසන්න දිනක ප්‍රසිද්දකරල,සැප්තැම්බර්මාසෙ 3/4/5/6 දිනවල ලියාපදිංචිකරනව.ඊටපස්සෙ තමයි අරමුලින්කියපු විදියට ඔක්තෝබර්මාසේ විභාගය පවත්වන්නෙ.
කොහොමහරි දතකාල ඕකෙනුත්ගොඩඇවිත් මෙඩිකල්,ට්‍රේනින් මෙකීනොකී දහසක්කටුකාල හතරඅතේණයවෙලා කොරියාවට ආවකියමුකො,තමන්ගෙවෙලාවට හොඳහෝනරකට ආපුකම්පැනිඑකේ ලංකාවේකව්රුහරි හිටියොත්ගොඩ.නැත්නම් අරලංකාවෙ උනන්නපු සර්ගෙ,මිස්ගෙ මව්ගුණගායනා කරන්නතමයි වෙන්නෙ.මොකදඔය උගන්නපු භාෂාවයි සාමාන්‍ය භාෂාවයි අතරලොකු පරතරයක් තියෙනව.ඔයඔක්කොමත් හරි ලොකුමහිතේඅමාරුව දැනෙන්නෙ තමන්ටඋගන්නපු කෙනා කොරියාවෙඅවුරුදු ගානක් වැඩකරලා කොරියාවෙ සිටිසන් තියෙනගානට කතාකොලාට මොකෝ,එයාඋගන්නල තියෙන්නෙත් මොනවාද කියල තේරෙනකොටයි.
හරි..කොහොමහරි කට්ටකාල ගොඩයන්න විදියක්නේ හැමෝමබලන්නෙ.තමන්ලංකාවේදී ගිවිසුම්අත්සන් කරල ආපු රැකියාව කරගෙන ඉන්නතරම්හැමෝටම වාසනාවනැහැනෙ.එහෙමඋනාම ඉතින් ලංකාවටයන්න කියලෑ.ඊටපස්සෙ කම්පැනි මාරුතමා.ඒත්ඉතිං මේක යුරෝපෙනෙවෙයි නොවැ.අවුරුදු තුනටම මාරුවෙන්න පුළුවන් අවස්ථාතුනයි.දැන්නම්පොඩ්ඩක් වෙනස්කරල අවුරුදුහතරයිමාසදහයට අවස්ථාහතරයි.කොහොමද ටිකිරිමොළේ,,,හැබැයි ආයතනය බංකොලොත්උනොත්,පහරදීමකට ලක්උනොත් වගේහේතු මේඅවස්ථා තුනටඅයිතිනැහැ

දැන්කියන්න යන්නෙ කට්ටකාල ගොඩගියඅයගැන නෙමෙයි,මරණයකදීහැර ලංකාවෙ ජනමාධ්‍යහරි,විදේශසේවා නියුක්තිකාර්යාංශය හරි(එයාලදැනන් ඉන්නඑපැයි කියන්න)වාර්තානොකරන කොරියාවෙ ආබාධිත ලාංකිකයන්ගෙ ඇතුල්පැත්ත.එහෙම කියන්න හිතුනෙ මමදන්නා මේවගෙඅය බරගානක් ඉන්නහින්දයි,එන්නඉන්න අයගෙ දැනගැනීමටයි.මොකදඅවුරුද්දකට සෑහෙන අනතුරුගානක් සිද්ධඋනත් කවුරුවත් නොදකින පැත්තකුත් තියෙන නිසයි.



ඔය උඩින්තියෙන්නෙ ප්‍රෙස්මැෂින් එකක්.ගොඩක්ම අනතුරු වෙන්නෙ ඕවයෙන්තමා.ඔයමැෂින්එකේ ටොන්තුන්සීයක් බරක් උඩයටයනව.එහෙමඑහෙකට අතක්,කකුලක්.ඔළුවක් අහුඋනොත් අත්වෙන සෝචනීයඉරණම හිතාගන්න පුළුවන්ද?මේතියෙන්නෙ ඒවගේ දසුන්ටිකක්,


මේතියෙන්නෙ තමන් වැඩකරපු මැෂින්එකට කකුලඅහුවෙලා දණහිසටත් ඉහලින්කපන්න සිද්ධඋනුඅපේම සහෝදරයෙකුගෙ දකුණුකකුල.
එතකොට මේතියෙන්නෙ ඒවගේ තවත්අනතුරුවල අමිහිරි මතකයන්,
මේවගේ තවඅනන්ත අප්‍රමාණ අනතුරුසිද්ධඋනත් වැදගත්මදේ තමයි කොරියානුහදිසි අනතුරු රක්ෂණය ඇරුනාම(සන්ජේපොහොම්)කිසිම අවස්ථාවක විදේශශ්‍රමිකයන්ට පුද්ගලික රක්ෂණාවරණයක් ලබාගතනොහැකිවීම.
ඉතිං කොහොමද කොරියන්හීනෙ ඇතුල්පැත්ත?