එදා උදේ ඉඳලම වහින්න ගත්ත.වෙනද පුරුද්දට හිත අතීතෙට දුවන්න ගත්ත.මේ කියන්නෙ දැනට අවුරුදු අට නමයකට කලින්.කාලෙ වෙනස්උනාට ගොඩක් දේවල් තාමත් එහෙමමයි.අපි කොල්ලො ටික හැමදාම හවසට එකතු වෙන්නෙ ගමේ හංදියට.හන්දිය කිව්වට එකමෙක කඩයයි එතන තිබුනෙ.දැන්නම් යාන්තං දෙකයි.ඒ ඇරුනම ත්‍රීවිල් පාක් එක.එතෙන්ට උඩින් තිබ්බ ලොකු ගල් තලාවක්.ඔතනට තමයි අපි කොල්ලො ටික හැන්දෑවට සෙට් වෙන්නෙ.සිගරැට් එකක් බොන්න,හඳට යනඋන්ට ගුවන්ගත වෙන්න,සිංදු වතුර ටිකක් බොන්න එහෙම.එතකොට අපිත් ගන්ධබ්බ ජිවිත ගෙවපු කාලෙ.
ඔහොම කාලයක් යද්දී ටික ටික වටේ පිටේ තිබුන ලොකු ලොකු ඉඩම් ටික ලොකු ලොකු කොම්පැනි වලින් වෙන්දේසි වෙන්න ගත්තා. පස්සෙ අලුත් අලුත් කට්ටිය ගෙවල් දොරවල් හදාගෙන පදිංචි වෙන්න ගත්ත.වෙනද බස් එකේ ඉඳගෙන ගිය අපිට හිටගෙන යන්න උනා.පාරට බැස්සහම හම්බුවෙන මුණු අතර නාඳුනන මුණු ගාන වැඩිඋනා.
අළුතෙන් ගමට ආපු මිනිස්සුත් ගමේ උන්දැල එක්ක ටික ටික හිතවත්කම් පවත්වන්න ගත්ත.ගමේ කොල්ලො වෙච්චි අපිටික පවත්වපු අවුරුදු උත්සවේ, පිටගම්කාරයෝ කියල හඳුන්වපු මිනිස්සුන්වයි ගමේ කට්ටියයි යාකරන පාලමක් උනා.එයින් පස්සෙ මලගෙදරක නයිටක් ගහන්න,කට්ටිය එක්ක දාල ගේන ගල් බෝතලේකට සාධාරණයක් ඉෂ්ට කරන්න,වොලිබෝල්, ක්‍රිකට් ගහන්න දෙපැත්තෙම කොල්ලො ටික එකතු උනා.හැබැයි කොයි වෙලෙත් උන් හිටියෙ අපිට කවර් වෙලා.මොක කරද්දීත් ඒක දකින්න පුළුවන් උනා.
ඔහොම යද්දී තමා අපිට චන්දරේ සෙට් උනේ.කපටිකමේ උපත කිව්වත් වැරදි නෑ.අපි මිනිහට කිව්වෙ දොස්තර කියල.(නැති තැනදි)මිනිහා අවුරුදු ගානක් ඔටු දේසෙ ඉඳල ඇවිත් තිබුනෙ.කොල්ලොඑක්ක දුමක් දාන්න,ඉඳල හිටල ගෙදරට කතාකරල පොඩ්ඩක් සෙට්වෙමු කියල කියන්නත් මිනිහ අමතක කලේ නෑ.හැබැයි කඩේ ළඟ සෙට් එකේ තෝරගත්ත හතර පස් දෙනෙකුට විතරයි.මමත් ඒ ගොඩට අයිති උනා.ඉතිං එහෙම දවසට හැන්දෑවට අපි ආරාධිතයො සෙට් එක අනිත් එවුන්ට හොරෙන් වේලාසන කඩේ ලඟින් මාරුවෙනව.සමහරදාට අතේමාට්ටු.
ඉඩම් අරන් ගෙවල් හැදිල්ලට අතේ තිබ්බ සල්ලි යටකරපු නිසාද කොහෙද චන්දරෙයි නෝනයි ටිකක් අමාරුවෙන් තමා ජිවත්උනේ.අපිට වැඩිය අවුරුදු දහයක් විතර වැඩිමල් උනත් මචං ලෙවල් එකෙන් හිටිය හින්ද ඒව අපිට එච්චර රහසක් උනෙත් නෑ.
ජිවත් වෙන්න රැකියාවක් විදියට අහුවන දෙයක් කරන්න චන්දරේ හුරුඋනා.හැබැයි ඒ එකක්වත් කුලීවැඩ නම් නෙමෙයි.ගෙවල් වයරින් කරන්න,ත්‍රිවිල් රෙපෙයාර් කරන්න, එතකොට වාහන පේන්ට්,ගෙවල් පේන්ට් කරන්න,ඉලෙක්ට්‍රික් වැඩගැන චන්දරේ දැනන් හිටිය.මුලදි මුලදි හොඳට සේවය සැපයීම කලත් පස්සෙ පස්සෙ මිනිහගෙ කොලිටිය එන්න එන්නම බාලඋනා.එක වැඩක් උඩින් පල්ලෙන් කරදාල ඊළඟ වැඩේට අතගහන එක පුරුද්දට යද්දි මිනිහට එන වැඩ ටික ටික අඩුවෙන්න ගත්ත.
ඔය අතරෙදි දුර පලාතක කට්ටඩියෙක්ව චන්දරේට සෙට් වෙලා තිබුණ.එදායින් පස්සෙ වැඩ හිඟ දවස් වලට චන්දරේ තමා කට්ටඩි උන්නාන්සෙගෙ කොට්ටෝරු වැඩේ කෙරුවෙ.කට්ටඩියත් ඇවිල්ල ලෝකෙ කාපු ඩයල් එකක් කියල චන්දරේ අපිට කියනකොට එකෙක් කිව්ව,කුණු ගොඩට කුණු ගොඩක් එකතුවෙලා කියල.කොහෙහරි ඈත ගමක එහෙමත් නැත්නම් නාගරික සමාජෙ ගෙවල්වල සෙත්ශාන්ති.බහිරව පූජා වලට ඕඩර්ස් ආවහම චන්දරේ තමා ගෝල උත්තමය.පන්දම් හදන්න,දුම්මල මුට්ටිය අල්ලන්න,පිදේනි තටු හදන්න වගේ වැඩ ටික අල්ලගන්න එක මහලොකු වැඩක් නෙමෙයි කියල තමා උන්දැ අපිට කිව්වෙ.
ඔය වෙද්දි අපේ චන්දරේ වෙන්ට තාත්ත කෙනෙක්.කොහොම හරි සල්ලි හොයන්න ඕනෑ කියන අදහස මිනිහට තදින්ම තිබුණ.ටික දවසකින් චන්දරේ කොහෙද කියල අපිට හොයාගන්න බැරි උණා.ඊටත් මාස දෙකකට විතර පස්සෙ මිනිහ මතු උණා.නිකං නෙමෙයි ඒ දවස්වල ලංකාවෙ ජනප්‍රිය වෙච්චි අළුත් දර්ශනයකුත් එක්ක.ඒක අළුත් ආගමක්, මිනිස්සුන්ගෙ ඕනම ගැටළුවකට එතැන විසඳුමක් තියෙනව කියල තමා චන්දරේ කිව්වෙ. ඒ අතරෙ බුදු පහණ වත් නොතියපු ගෙදර පොඩි කුටියක් වෙනම හැදුවෙත් මිනිහමයි.එතැන ඉඳං සාස්තර කියන්න,එක එක පුජාවල්,හූනියම් කියල රටේ නැති දේවල් එක්ක තමා චන්දරේගෙ කාලය ගෙවුනෙ.මිනිහම නිර්මාණය කරගත්තු ධර්මයක් තමා ඊට පස්සෙ දකින්න ලැබුනෙ.
.......................................
ඔහොම යද්දී චන්දරේගෙ වැඩකිඩ දන්න අපි දෙතුන්දෙනා කාලයක් ලංකාවෙන් පිට ඉඳල නිවාඩුවකට ලංකාවට ගියහම චන්දරේ සෙට් උනා.දැන් ගමේ විතරක් නෙමෙයි පළාතටම දෙයිය වෙලා ඉන්නෙ චන්දරේ..දැන් මිනිහගෙ දවසෙ ආදායම විස්ස පනිනව කියල චන්දරේ අපිට කිව්වෙ හරිම ආඩම්බරෙන්....
..................................................................................
මිත්‍යාවන්ට අහුවෙන මිනිස්සු ඉන්නකන් චන්දරේලා ගොඩ
ReplyDeleteකොච්චර කිව්වත් ඒවගෙන් අඩුවක් වෙන්නෙ නෑ.
Deleteකොච්චර රට සංවර්ධනය දියුණු උනත් ඔතන මිනිස්සුන්ගේ දියුණුවක් නෑ.ගෙදර සැරින් සැරේ ලයිට් යනවනම් වතුර බ්ලොක් වෙනවනම් හොඳට තමන් එක්ක කාලා බීලා ඉන්න අල්ලපු ගෙදර එකා හූනියම් කරලා ඇති කියලා හිතන මිනිස්සු අද ජීවත් වෙන්නේ
Deleteකොවූර්ලා එදාටත් වඩා අද කාලෙටයි ඕන වෙන්නේ....
ReplyDeleteකාලෝ මහත්තයගෙ වැඩක් දැකල තමා මේ කතාව ලියන්න හිතුනෙ.(අර ලක්ෂ දහයෙ)
DeleteMenna yaluwane aluthma news dana ganna aluthama adawiyak
ReplyDeletewww.techgajet.blogspot.com
බලන්නම්...
Deleteපුදුමයක් නැහැ..අවිද්‍යාව රජවෙනවා විද්‍යාව යට යනවා.
ReplyDeleteඒක ඉතිං හැමදාමත් එහෙමනෙ උනේ.එන්න එන්න මොළේ යටයනව.
Deleteමිත්‍යාව නිසා කී දෙනෙක් මිනිස්සු අද අසරණවෙලා දුක් විඳිනවා ද?
ReplyDeleteඅසරණ මිනිස්සුන්ගේ සල්ලි විනාසකරලා චන්දරේලා වගේ අය ගෙවන ගෙවන සැප ජීවිතවලට කවදාහරි විඳවන්න වෙනවා..
මිනිස්සු අමරුවේ වැටෙන්නෙ විහින්...දැන දැන."කවදාහරි"ඔතන තමා වකා අවුල..
Deleteඔහොම හම්බකරලා වැඩක් නැහැ..:/
Deleteහිරුටත් චෑන්ස් එකක් වැදුනොත් එපා කියයි හා....
Deleteමොකෝ වැඩක් නැත්තෙ,චන්දරේ දැන් ගේ තට්ටු තුනට හදල ඉවරයි..හී..හී..
"කවදාහරි" කියන එක අවුලක් තමයි. .ඒකට ඉතින් අපි මොනවා කරන්නද?
Deleteඇඩෙනවා... දවසකට විස්ස පනිනවා කියන්නෙ මාසෙකට ලක්ෂ ගාණක්නෙ...ඒ කියන්නෙ අපේ සමාජෙ තාමත් මෝඩයො ඕනෙ තරම් ඉන්නවා කියන එක...
ReplyDeleteඕක මොකද්ද සිරෝ...
Deleteසිරිවර්ධනල,පිටි:සිරි...ල එක්කල බලද්දි අපේ චන්දරේ පොඩි එකෙක්...(මාල් හැස්සෙක්)
කරදර තියන හුඟක් මිනිස්සු මේ වගේ මිත්යාවල් විශ්වාස කරන්න පෙළඹෙනවා. චන්දරෙලා වගේ අයට හරිම පහසුයි ඉතින්.
ReplyDeleteඑකඟයි...
Deleteඅපේ ගෙදර අය චන්දරේ සරනං නොයන්නෙ පැහැදිලි දැක්ම නිසා..(මම නිසා:D))
ඒත්,, ගමේ පන්සල පාළු වෙලා...
අද ගොඩක් අය රන් කරන්නේ චන්දරේගේ මෙතඩ් එක තමා
ReplyDeleteවැඩේ ඔය කොතන්ටත් ආගම ගාවගන්න එකයි..
Deleteසිරිවර්ධන බුද්ධාගම වගේ ද?
ReplyDeleteඒ හා සමානයි...
Deleteහරියට අල්ලගත්තා නම් අපිටත් ඔය ක්‍රමයෙන් ගොඩ ගියාහැකි!
ReplyDeleteකරනවනම් හරියටම ඕනෙ නෑ..
Deleteමිනිස්සුන්ට කරදරයක් වෙච්ච වෙලාවට තණකොල ගහෙත් එල්ලෙන්න බලනවාලු නේ. ඒ නිසා මේවගේ මිත්‍යාවන් සොයාගෙන යනවා. ඒ යන කල් චන්දරේ වගේ අයගෙ මඩිස්සලේ පිරේවි.
ReplyDeleteදියුණුවේ හිනිපෙත්තට ගියත් චන්දරේල ඉඳියි.
Deleteමේ වගේ දේවල් ගැන සතුටුවෙන්න බැහැ.....නේද?
ReplyDeleteමොකෝ බැරි....
Deleteහැබැයි රැවටෙන දාහක්දෙනා ගැන නම් නෙමේ...
මිත්‍යාවෙන් මිනිස්සු මුලාවෙලා ඉන්න අහිංසක මිනිස්සු පවූ ඉතින්..
ReplyDeleteලංකාවට වෙලා තියන දෙයක්...:(
ඕක ඉතිං එදා ඉඳල එහෙමනෙ.
Deleteමේ හිරු නේද?
ඔව් ඔව් මේ එයා තමා........:)
Deleteහරිම ලස්සන නිර්මාණයක්.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
ස්තුතියි නලීන්..
Deleteඅපේ රටේ ජාන වලින් එන දෙයක්ද මන්දා...සමහරු ඔයවගේ ...මිනිස්සුන්ව අන්දන්න දක්ෂයි,සමහරු ඇන්දෙන්න දක්ෂයි...!
ReplyDeleteතවත් සමහරු දැන දැන ඇඳගන්න දක්ෂයි...
Deleteඕක තමයි නියම ඇත්ත.බොරුකාරයෝ පිරිවරා ගත්තු දර්ශනෙ. නියම කතාව යාළුවා
ReplyDeleteධම්මික,පිරිස වැඩිනම් අයෙ වෙන මොනවාද?එතන තමයි ඇත්ත..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅද කාලෙට ගැලපෙන කතාවක්....නියමයි සහෝදරය.... (Y)(Y)
ReplyDeleteඅපි නොදන්නවට දැන් තමා මේව වැඩි....
Deleteහොදට ලියල තියනවා මම අද පොස්ට් තුනක්ම කියෙව්වා ඔයාගෙ
ReplyDeleteතෑන්කු..
Deleteඔය වගේ ඩයල් ඉන්නවා දැන් හැම තැනම. සල්ලි හොයන්න ලේසිම ක්‍රමය. කපටිකමයි බොරු ඇද බාන්න පුළුවන් කමයි තියනවා නම් ගොඩක් අය වැඩිදුර නොහිතා එතනට ඇදෙනවා.
ReplyDelete…අනික තමන් අදහන කුමක් හෝ ආගම ගැන හරි අවබෝධයක් තියනවා නම් මේ වගේ අළුත් ආගම් පස්සේ දුවන්න ඕනි නෑ.
…හුගක් වෙලාවට සාස්තර අහන්න එන කෙනාගෙන් මයි විස්තරේ ඇඟට පතට නොදැනී අහ ගන්නේ.
…
…ඔබට ජය!!
…
…
ආගම ගැන කොච්චර අවබෝධයක් තිබ්බත් මිනිස්සු අසරණයි...
Deleteඅපිට එන හැම ගැටළුවක්ම විසඳගන්නත් ඕන අපිමයි.... ඒවට වෙන කාටවත් විසඳුම් දෙන්න බෑ... ඒත් මේ දේ ගොඩක් අය තේරුම් ගන්නේ නෑ...
ReplyDeleteගැටළු ඉස්සරහදි අසරණ වෙන තරමටම හිතට හයිය මදි නිසා...
Deleteහිකිස්..... මිනිහා කොහොම හරි ගොඩ ගිහින්. නමුත් ඒවගේ දේවල් වලට ආගම ධර්මය ඇදලා ගන්න එක තමයි නරක.
ReplyDeleteඒ නරකමනෙ කෝරළේ මහත්තයො ඌට නොතේරෙන්නෙ...
Deleteවිමුක්ති දන්න චරිත ගැන කියලා තියෙන පෝස්ට් තුනක් දැන් මම කියෙව්වා. ඇත්තෙන්ක ලස්සනට ලියලා තියෙනවා. අර හාවාගෙ බෙල්ල පාගපු එකායි, පොල් හොරකම් කරන්න ගිහිල්ලා කරන්ට් එක වැදිලා මැරුණු මිනිහායි මේ මනුස්සයායි ඔක්කොම එක ගමේද?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නෑ ඩුඩ්,එකයි දෙකයි නම් අහල පහළ.මේකනං ගෙවල් ළඟමයි.චන්දරේ තාමත් ගේම ගහන් යනව...
ReplyDeleteඇතුවත් බැරි නැතිවත් බැරි චන්දරේලා
ReplyDelete