ගුණදාස අපේ අල්ලපු ගමේ.කාටවත් කරදරයක් නැති මනුස්සය.හැබැයිදවල් දවසට විතරයි.දවල් දවසෙ අල්ලපු ගං තුනහතරෙම කරක්ගහන මිනිහව නොදන්න කෙනෙක් නෑ.කොටින්ම පොලීසියෙ ලොකුමහත්තය මාසෙකට දෙතුන් පාරක් ජීප්එක ගෙදරටම එවනව මිනිහව බලන්න ඕනෙඋනාම.
ගමේ කාටහරි පොල්ගෙඩියක් කඩාගන්න,ලිඳක් ඉහගන්න විතරක් නෙමේ මළගෙයක් උනාම වල කපන වැඩේටත් ගුණදාස ඕනෙ වෙනව.උදේ ඉඳං රෑවෙනකං ගමේප්රභූ භූමිකාව රඟදක්වන කළුමහත්තයට හැමදාම හැන්දෑකොරේට කසිප්පු බාගයක් ඕනෙ.කසිප්පු පේමෙ ලඟට ගිහිං ඒක ගෙනත්, එමින්ගමන මගදි පොඩි ෂොට් එකක් ඒකෙන්ම කටට හලාගෙන, අඩුව පුරවන්න අගල්කටකින් වතුර පුරවල ඒක කළුමහත්තයට ගෙනත් දෙන ඩිලිවරිය කලෙත් මේ කියන ගුණේම තමා.
දාවල්දවස කාටහරි කඹුරන ගුණදාස රෑවෙනකොට ගෙදරට ඇදෙන්නෙ මදිපාඩුව පේමෙගෙන් පුරවගෙන.දවසෙ කුලියෙන් බාගයක් පේමෙට දන්දෙන්නෙ ලබන ආත්මෙදි ගන්න බලං.ගමේ හැමඋන්දැම මිනිහගෙන් වැඩගත්තට මොකෝ කවදාවත් ගනුදෙනු හරියට බේරුවෙ නැත්තෙත් ඔය හේතුව හින්දවෙන්නැති.
ගුණේගෙ ගෙදර උන්දැත් රබර්මෝලේ වැඩකරලා හැන්දෑවට ගෙදර ඇවිත් තියෙන දෙයක් රත්කරල ගන්නවඒ,එහෙම නොවුනොත් පහුවදාට වැඩට යනඑක බොරු හින්ද.කටුමැටි ගෙට පහලින් තියෙන ඇළ කන්ඩියෙන් එහාපැත්තෙ ඉඩම මායිමේ තිබුනෙ පන්සල් වත්ත.ඒ හින්දාමද මන්ද ගුණදාස ආගමේ පිහිටල ජිවත්උනේ.ගොඩක් දවස්වලට හාමුදුරුවන්ටත් ඇහෙනව ගුණේ ගෑණිට අඩිදෙනකොට කෑගහන සද්දෙ....
ගමේ කාගෙහරි කෙහෙල්කැනක්,පොල්වල්ලක් එහෙම නැතිවෙලානම් කෙලින්ම යන්නෙ කරුනක්කගේ කඩේට.ඊට පස්සෙ ග්රාමසේවක මහත්තය ලඟට.ඒත් බැරිනම් පොලීසියට.අපරාදෙ කියන්න බෑ ඔයගොඩක් තැන්වල නම තියන්නෙ ගුණේ.කරුනක්කගෙ සාක්කියත් එක්කම.
ඔය මොක උනත් ගුණදාසට ඔව්ව ගානක්නෑ.ගමේඋන්දැලත් වෙච්ච දේවල් අමතක කරන්නෙ දවසෙන් දෙකෙන්.කොච්චර උනත් මිනිහ බඩට කාල හිටිය,අපේ කළුමහත්තයට වැඩිය හොඳට.නාන්නෙ අඩුවෙන්.මාසෙට පාරක් දෙකක් ටවුමෙ මස්කඩේටත් යනව.ෆාරුක් මුදලාලි කඩේ හිටිය නැතා ගෝලයා කලවම් හරක් මස් කිලෝඑකක් දෙකක් හබරල කොළේට දාල ඔතලදෙන්නෙ ඉහළින් දීලතියෙන ඕඩර්ස් වලට.සල්ලි ගත්තෙනෑ.සමහර දවසට රුපියල් දෙතුන්දාහක් ගුණදාසගෙ අතමිට මොලවනව.ඒ, ගමේ කාගෙහරි හරකෙක් නැතිඋනාට දවසකට දෙකකට පස්සෙ.එහෙම දවස් වලට තමා පොලිසියෙ වාහනේ ගෙදරට එන්නෙ.
මේ ලඟදි දවසක කලුමහත්තය ගුණදාසට කිව්ව වත්තෙ පොල්ටික වැස්ස අල්ලන්න කලින් කඩල දාපං කියල.පොල්ටික කැඩුවට මොකෝ අක්කරයක දෙකක පොල්ටික වැස්සට කලින් ලෙලිගහගන්න තනි ගුණේට බැරිඋනා.ඉතිං ලෙලිගැහුව ටික කලුමහත්තයගේ අණ පරිදි ඉස්ටෝරු කාමරේට දාල ගුණේ වැස්සෙම පිටත්උනේ හෙටඋදේම එන්නම් කියාගෙන.
එදාහොඳටම වැස්ස.රෑට කාපු ගුණේ,බීඩියකුත් පත්තුකරන් ගෝනියක් ඔළුවට දාගන්නව ගුනේගෙ ගෑණි වෙච්චි කමලාවතී සද්දනැතුව බලන්හිටියෙ, දෙතුන් දවසකට උඩදී හම්බඋන පයින් පාර මතක්වෙලා.බීඩිකොටේ නිවල වරිච්චි බිත්තියෙ ගහපු ගුණේ වැටඅයිනෙන් හබරල අත්තකුත් කපාගෙන කඩුල්ල පනිනව,කමලාවතී බලං හිටියෙ කම්මුලට අතක් තියං.හිමින් සැරේ කටුකම්බි පොට පාත්කරපු ගුණේ කළුමහත්තයගේ වත්තට රිංගුවේ අදනම් පොල්ටික ලෙලි ගහගෙනම කඩේට දානව කියල හිතාගෙන වෙන්නැති.
රෑ තිස්සෙ වැහැපු වැස්ස හින්දද මන්ද,කළුමහත්තය නැගිට්ටේ ටිකක් පරක්කු වෙලා.අතපය හිරිඇරලා ඈනුමකුත් යවපු ප්රභූඋත්තමය ඇඳෙන් නැගිටල කාමරේ ලයිට් එක දැම්ම.කරන්ට් එකත් ගිහිංවගේ කියල තමන්ටම කියපු කලුමහත්තය කුස්සිය පැත්තට යනකොට මතක්වෙච්ච දේකින් පිටකොන්ද ඇවිළිලා යනව වගේ දැනුන.අඩියට දෙකට සරමත් උස්සන් පොල්ගොඩ ලඟට පැන්න කලුමහත්තය දැක්කෙ,කාටත් හොරෙන් තමුන් ඊයෙ හැන්දෑවෙ පොල්ගොඩ වටේට ඇද්ද කම්බි පොටක පැටලිලා විදුලි සැර වැදිල ඇස් දෙකයි කටයි ඇරගෙන දරදඬු වෙලා පස්කාගෙන හිටපු ගුණදාසව...
(ගියසතියෙ යාළුවෙක්ට කතාකරාම කිවුව,ඉක්මනට ලංකාවට වරෙන් කියල.ගුණේ මලාලු.ඉතිං මට මොකෝ ඇහුවාම දැන් පොල්ගහක් කඩාගන්න එකෙක් නැහැලු.ඔන්න ගුණේ උඹගෙ අඩුව..)
:) :)
ReplyDelete:)))
Deleteපව් ගුණේ !
ReplyDeleteලැබීම...
Deleteඅනේ ගුණේ.....පවු මල්ලි...
ReplyDeleteගුණේ දැන් හොඳ තැනකලු.
Deleteමොනවා වුනාත් පව්.
ReplyDeleteදැන් ඔක්කොම කියන්නෙ ඕක...
Deleteමොනවා උනත් සිරාවටම පව්... තවම ඔහොම මිනිස්සුන්ගෙන් අඩුවක් නැ මම හිතන්නේ
ReplyDeleteහැම ගමකම ගුනේල ඉන්නව දේවා...
Deleteඕවාට කියන්නේ කරුම පළ දෙනවා කියලා සහෝ.
ReplyDeleteලොකු හාමුදුරුවොත් ඕක නොකිය කිව්වලු..
Deleteඅනේ පව් ගුණේ.... :'(
ReplyDeleteපවු කල දනෝ නිති නිරයට...
Deleteදිට්ට දම්ම වේදනීය කර්ම .. අහිංසක හරක් හොරකම් කරලා මසට විකුණලා ඒ මස් කාපු එකාට ඒකම පඩිසන් දීලා.
ReplyDeleteඒත් එහෙම උන් මැරෙන්නෙ පරක්කු වෙලා අයියෙ.හොඳ එවුන් තමා කලින් යන්නෙ.
Deleteමම ලියපු ජෑස් කොල්ලා වගේම ඩයල් එකක්... භාෂාව හසුරැවලා තියෙන විදියට මම හරිම කැමතියි... අද තමයි කුලුදුලේ මේ පැත්තට ආවෙ... ආයෙත් එනවා.. ජය!
ReplyDeleteසාදරයෙන් පිළිගන්නව.ජෑස් කොල්ලව බැලුවා.ගම්වල ජෑස්ල,ගුනේල ඕනතරං..
Deleteලිපි ගිනි මොළවන තෙක් දියසැළියේ සැපයක් යැයි කකුළුව දිය කෙළියේ
ReplyDeleteඅපි කාටත්...
Delete